ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උත්සවය

අප දහම් පාසල මුලිකව සංවිධානය කල ශ්‍රී ලංකාවේ 72 වැනි නිදහස් උත්සවය, පෙබරවාරි මස 7 වැනිදා, සිකුරාදා ඩුබායි හි ලතිඵා ක්‍රීඩාංගනයේදී ඉතාමත් සාර්ථක ලෙස පැවැත්විණ.

ශ්‍රී ලංකා තානාපති මජින්ත විජේසිංහ සහ නව ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් නලින්ද විජේරත්න මහතා ඇතුළු විශේෂ අමුත්තන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයේදී අප දහම් පාසලේ දරු දැරියන් ඉදිරිපත් කල දේශාභිමානී ගීත සහ නර්තන අංග උත්සවයේ විශේෂාංගයන් විය.

උත්සවයේ චායාරුප බලන්න මෙතනින්